Oct 16, 2011

වී ඉංජිනියර්ස්

මාස ගනනක නිහඩතාවෙන් පස්සෙ ආපහු post එකක් දමන්න හිතුනා. වැඩ රාජකාරි එක්ක සිංහලෙන් කරන්න වෙලාව හොයා ගන්න ටිකක් අමාරු උනා. මොකද මගේ සිංහල typing speed ඒ තරමට හොදයි. ඔයාලට නිතරම හමු වෙලා තියෙන පුංචි පහේ joke එකක් තමයි අද කියන්නෙ.දැකල ඇතිනේ we engineer rox කියල  කියන කතන්දර නිතරම. මෙකත් ඒ වගේ එකක්.

ඔන්න ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් ඉන්නවලු. තුන් දෙනාට පොඩි ප්‍රශ්නයක් දුන්නලු. මෙකයි ප්‍රශ්නෙ.

ඔන්න ඉස්කොලෙක dancing stage එකක හරි මැදින් සරල රෙඛාවක් ඇදල තියෙනවලු.පන්තියක කොල්ලො ටිකයි කෙලලො ටිකයි මෙ stage එකට නග්ගල කිව්වලු කෙල්ලන්ට එක පැත්තක කෙලවරෙ බිත්තිය දිගට ඉන්න කියලා කොල්ලන්ට කිව්වලු අනිත් පැත්තෙ කෙලවරෙ බිත්තිය දිගට ඉන්න කියලා.දැන් දෙගොල්ලම මූනට මූන බලා ගෙන ඉන්නව සරල රෙඛාව මැද්දෙ තියෙනවා.දැන් දෙගොල්ලටම කිව්වලු හැම තත්පර 10කදිම සරල රෙඛාවට තියෙන දුරෙන් හරි අඩක් එන්න කියලා. ඒ කියන්නෙ බිත්තියෙ ඉදල සරල රෙඛාවට තියෙන දුර X නම් මුල් තත්පර 10දි X/2 දුරක් දෙවෙනි තත්පර 10දි X/4 දුරක් ඊලග තත්පර 10දි X/8 , X/16, X/32...................  විදියට.

දැන් අපේ තුන් දෙනාගෙන් ඇහුවලු කොල්ලො කෙල්ලො හමු වෙන්න කොච්චර වෙලා යනවද කියලා.
පලවෙනියට ගණිතඥයගෙ වාරෙ. එයා කිව්වලු කොල්ලො කෙල්ලො කවදාවත් හමු වෙන්නෙ නෑ කියලා.ඊ ලගට භෞතික විද්‍යාඥයගෙ වාරෙ. එයා කිවවලු කාලය අනන්තය වෙන කොට දෙගොල්ලො හමු වෙනව කියලා. ඊලගට අපේ manගෙ වාරෙ. මිනිහ කිව්වලු මින්ත්තුවක් යන කොට ඔන දෙයක් කරන්න පුලුවන් තරමට එයාල අතර තියෙන දුර ප්‍රමාණවත් කියලා.

ඔකයි කතාව.මෙ වෙලාවෙදි මතක් වෙනවා ජපුරෙ කරපු මගේ ආදරණීය යාලුවෙක් ඔය විදියටම ඔප්පු කරලා පෙන්නුව හාවගෙ ඉබ්බගෙ race එකේ හාවට කවදාවත් ඉබ්බ පහු කරන්න බෑ කියලා. වෙලාවක ඒ කතවත් නියන්නම්.

No comments:

Post a Comment