Feb 23, 2017

රාළගෙ කවිය

පෙර පිනට වාගේ
ඈ නූයෙ මාගේ
උගේ දුක් දාහේ
දැකල සෝකෙ වෑහේ

බඩු ගැලක් කඩෙන්  කොට
කරෙන් බර අදින කොට
කිරි හට්ටි තුරුලු කොට
ගාට ගෙන දුවන කොට

උපනු දා ඈගේ
දුන්න සළු බෝසේ
සායම්ද විලසේ
වත්සුනුද නොලසේ

නවම් වූ මාසේ
දාහතර දවසේ
මඩිය හිස් වූසේ
නැති හැටිය මනසේ

පන්සලට බෑ කියයි
මැක්ඩොනල්ස් හා කියයි
පයින් නම් බෑ කියයි
වදක නම් මගෙ ලියයි

දීල දඩ බූට් මට
මගේ සකි හාද කොට
මම දීපු දුහුල් ඇද
යන අරුම දකින කොට

මට පෑව ආලේ
මුසා වූ කාලේ
ඌට දෙන ආලේ
සැබෑ වේවිද රාලේ
Share

Apr 28, 2013

කකුළුව දිය රත් වෙන තුරු කෙළියේ

ඔන්න ඊ ලග Post එකෙන් හමු වෙන්න ආවා. අද නිකමට හිතුනා මගේ Compurer එකේ එකතු කරලා තියෙන පරණ සිංදු ටිකක් අහන්න. මගේ ලග  පරණ සිංදු 2500 ක් විතර තිබුනා.මොකද ඉස්සර මම ගොඩක් සිංදු අහන්න පුරුදු වෙලා හිටියා. ඒත් දැන් internet facebook නිසා සිංදුවක්වත් අහන්නෙ නැති තරමට මම මෝඩයෙක් වෙලාද මන්දා. කොහොම හරි අද හිත ගත්තු දවසේ ගීතය තමයි සුනිල් එදිරිසිංහ අයියා කියන "බත කා ඉවරයි" කියන සිංදුව. මේක අදට කොච්චර ගැලපෙනවද කියලා නම් මම දන්නෙ නෑ. ඒත් එදා රටේ සාමාන්‍ය ජනතාව සුද්දගෙන් කොච්චර බැට කෑවද කියලා හොදට විස්තර කරලා තියෙනවා. ඒ තාඩන පීඩන වලට එරෙහිව සිංහල ලේ තියෙන මිනිස්සු කොහොමද පෙළ ගැහුනෙ කියලත් විස්තර කරලා තියෙනවා.  සිංදුවෙ වචන ටික ඔයාලත් එක්ක ඛෙදා ගන්නම්. 
අහන්න කැමති කට්ටිය මෙතන ඔබලා අහන්න.

බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ


අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

 
සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ


සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා