Feb 12, 2010

යාළුවනේ.....

ඔන්න යාළුවනේ මමත් Blog එකක් ලියන්න පටන් ගත්තා.ඉස්සර වෙලාම කියන්න ඔනිනෙ මම කව්ද කියලා. නැත්නම් ඔයාලට මම කියන දේවල් ගැන විස්වාස කරන්න බෑනෙ තියෙන තත්වෙත් එක්ක.මම ඉරෝෂ්. වයස 23 යි. ගෙවල් තියෙන්නෙ කොළඹින් ටිකක් දුර. හම්බන්තොට දිස්ත්‍රික්කෙ මිද්දෙනියෙ.දැනට මොරටුව University එකේ Process Engineering Undergraduate කෙනෙක්.මට මුලින්ම Blog එකක් කරන්න හිතුනෙ Google Adsense වලින් කීයක් හරි earn කරන්න පුළුවන් කියලා දැන ගෙන. මොකද මගේ යාළුවො කීප දෙනෙක්ම මෙක කරගෙන ගියා.කොහොම හරි මගේ Adsense Registration එක reject උනා එකේ content එක not acceptable කියලා.ඔහොම ටික කාලයක් යන කොට මට Blog කීපයක් කියවන්න ලැබුනා. ඊට පස්සෙ තමයි මට තේරුනේ මෙකෙ Adsense වලට වඩා කොච්චර දේවල් තියෙනවද කියලා.තවත් එකක්, අපි Blog එකක් කියවන කොට කියවන්නෙ කව්රුහරි කෙනෙක් පුද්ගලයෙක් විදියට දරන මොකක් හරි අදහසක් නෙ.මමත් Blog ලියන කොට ලියන්නෙ මොනව හරි දන්න දෙයක් නැත්නම් අදහසක් තමයි. හැබැයි මම කියන දේ පිළිගන්න වගේම නැති අයත් අනිවාර්යෙන්ම ඉන්න ඔනෙ.ඒත් මම ලියන දේ ගැන ඔයාල comment එකක් දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.අඩුම තරමෙ smileys එකක් හරි. පුළුවන් තරම් ඉක්මනට මගේ පළවෙනි එක එවන්නම්.