Apr 22, 2010

මොකක්ද මෙ යාළු කම????????????


ඔන්න යාළුවනේ, මට පහුගිය දවසක මිනිසෙකුගෙ වයස මනින අපූරු මිනුමක් ගැන අහන්න ලැබුනා.ඒ එයාට ඉන්න යාළුවො ගනනින්.යාළුවො වැඩි නම් එයාගෙ වයස වැඩියි.යාළුවො අඩුයි නම් එයා පොඩි ළමයෙක්.හැබැයි ඒ කතාවෙත් එක පැත්තකින් ඇත්තක් තියෙනවා. යාළුවො වැඩියි කියන්නෙ එයා සමාඡය ගැන මිනිස්සු ගැන හරි විධියට දන්නව කියන එකනෙ. පැසුනු මිනිසෙකුගෙ ලක්ෂයක්නෙ ඒක. ආහ්......... තව කෙනෙකුට කියන්න පුළුවන් මට Facebook එකේ මෙච්චර Friends ලා ඉන්නවා කියලා. එහෙම බැලුවොත් නම් ඉතිං පිස්සුවෙන් වගේ Facebook එකේ වෙලාව නාස්ති කරන පිස්සු dial තමයි මෙ ලෝකෙ ඉන්න පැසුනු බුද්ධිමත්ම මිනිස්සු ටික වෙන්නෙ.:D ඇත්තටම කව්ද මෙ යාළුවො කියලා කියන්නෙ.... මම නියමම අර්ථ දැක්වීම පහුගිය දවස් වල ටිකක් හොයල බැලුවා. එක එක තැන් වල එක එක දේවල් තියෙනවා.
ඉතිං කෝකටත් තෛලය Wikipedia  එකේ friendship අර්ථ දක්වලා තියෙන්නෙ මෙහෙමයි.
Friendship is the cooperative and supportive relationship between people, or animals. In this sense, the term connotes a relationship which involves mutual knowledge, esteem, affection, and respect along with a degree of rendering service to friends in times of need or crisis. Friends will welcome each other's company and exhibit loyalty towards each other, often to the point of altruism. Their tastes will usually be similar and may converge, and they will share enjoyable activities. They will also engage in mutually helping behavior, such as the exchange of advice and the sharing of hardship. A friend is someone who may often demonstrate reciprocating and reflective behaviors. Yet for some, the practical execution of friendship is little more than the trust that someone will not harm them.
English වලින් තියෙන එක එහෙමම Copy කරලා දැම්මට මගේ යාළුවො තරහ වෙන්නෙ නෑ නේද? ආහ්..... Wikipedia ආවෙ පසසෙනේ. ඊට කලින් , ඒ කියන්නෙ මීට අවුරුදු 2500 කටත් කලින් අපේ ගෞතම බුදුහාමුදුරුවන් වහන්සේ තමයි යාළුවො ගැන හොදින්ම උගන්වලා තියෙන්නෙ.උන් වහන්සේගේ දේශනාව අංගුත්තර නිකායේ (අට්ඨක නිපාතය) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ කල්‍යාණ මිත්‍රතාව කියන තැන සදහන් වෙලා තියනවා. ඒ අනුව අපිට කල්‍යාණ මිතුරන් හතර දෙනෙක් අදුන ගන්න පුලුවන්.
1.       උපකාරක මිත්‍රයා
(සිය යහළුවා සුරාපාන ආදියෙන් මුළා වූ කල ආරක්‍ෂා කිරීම, ඔහුගේ වස්තුව ආරක්‍ෂා කිරීම, ඔහුට බියක් වූ විට පිහිටවීම, උපකාර අවශ්‍ය විට පමණටත් වඩා එය කරදීම, යනාදී ශ්‍රේෂ්ඨ ගතිගුණ ඇති මිත්‍රයින්)
2.       සමාන සුඛ දුක්ඛ මිත්‍රයා
(තමාගේ සෑම රහසක්ම නොසඟවා යහළුවාට කියයි. මිත්‍රයාගේ රහස් ආරක්‍ෂා කරයි. විපතේ දී මිතුරා අත් නොහරියි. අවශ්‍යම තැන මිතුරා වෙනුවෙන් දිවි පුදා ආරක්‍ෂා කර ගනියි. සැපතේ දී හා විපතේ දී එකසේ පිටු නොපා ක්‍රියා කරයි)
3.       අත්ථක්ඛායි මිත්‍රයා
(දියුණුවට මඟ කියා දෙයි, වැරැදි දෙයින් මිතුරා වළක්වා ගනී. මිත්‍රයා යහපතෙහිම පිහිටුවයි. ඔහු කලින් නොඅසන ලද කරුණු අස්වයි, කියාදෙයි. ස්වර්ගගාමී සුචරිත මාර්ගය කියා දෙයි)
4.       අනුකම්පක මිත්‍රයා
(සිය යහළුවා අනාථ වූ කළ තමා අනාථ වූවාක් මෙන් සළකා ඊට අකැමැති වෙයි. මිත්‍රයා සැපවත් වූ කළ තමාට වූ දෙයක් ලෙස සලකා පී‍්‍රති වෙයි. මිත්‍රයාගේ නුගුණ කියවුවත් ඉන් වළක්වයි. ගුණ කථාවට පසසයි.)
ඒ වගේම තමයි බොරු යාලුවො(මිත්‍ර ප්‍රතිරූපකයින්)හතර දෙනෙක් ගැනත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා.
1.       අඤ්ඤදත්ථුහර මිත්‍රයා
(යහළුවාගේ ගෙදරට හිස් අතින් ගොස් ඔහුගෙන් කුමක් හෝ ගෙනයෑමේ අදහස නොඑසේ නම් සුළු දෙයක් දී ඒ වෙනුවට බොහෝ වස්තුව බලාපොරොත්තු වීම, තමනට බියක් කරදරයක් වූ විට දාසයෙකු මෙන් කටයුතු කිරීමත් හුදෙක් සිය වාසිය තකාම ඇසුරු කිරීමත් මොවුන්ගේ සිරිතය)
2.       වචීපරම මිත්‍රයා
(ඔවුන්ගේ යහළුකම් වචනයෙන් පමණි. අප උපකාරයක් ඉල්ලු විට, අතීත කථා, අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් එය ඉටු නොවන ලෙස ක්‍රියා කරයි)
3.       අනුප්පියාභාණී මිත්‍රයා
(යහළුවාගේ හොඳ වැඩටත් නරක වැඩටත් එකසේ ඉඩ දෙයි. යහළුවාගේ ගුණ කියන්නේ ඉන්නා තැන මුහුණට පමණකි. එය ඉච්ඡාබස් ලෙස කියයි. නැති තැන කියන්නේ අගුණමය.)
4.       අපාය සහාය මිත්‍රයා
(දුරාචාරයට පමණක් මිත්‍ර වන්නෝ වෙති. අකාලයේ වීථි සංචාරය පිණිසද සුරාපානය සඳහාද නැටුම් ගැයුම් බැලීම පිණිසද සූදුව සඳහාද යහළු වෙයි)
මෙ ටික හොයා ගත්තෙ 2008 මැයි මස 12 බුදුසරණ පත්තරෙ article එකකන්.
මීට අමතරව මිතුරනගේ යුතුකම් ගැන උන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා. මෙ යුතුකම් හරි විධියට තිබුනොත් විතරයි මිතුරුකම හැමදාමත් ආරක්ෂා වෙන්න.සිගාලෝවාද සූත්‍රයේ දී සදිශා වලින් උත්ර දිශාවෙන් මිතුරන් නිරූපනය කරල තියෙනවා. ඒ උවදුරු වලින් මිතුරා එතෙර කරනවා යන අදහසින්. ඒ සූත්‍රයෙ මිතුරන්ගෙ යුතුකම් විස්තර කරල තියෙනවා මෙ විදියට.
1.    මිතුරාට අවශ්‍ය දේ දීම
2.    ප්‍රිය වචනයෙන් කථා කිරීම
3.    දියුණුව සඳහා කටයුතු කිරීම
4.    සමානාත්මතාවය දැක්වීම
5.    නොරැවටීම

එසේ තම යහපත් මිත්‍රයින්ට සංගුහ කළ විට ඒ මිතුරෝ ද කරුණු පහකින් සංග්‍රහ කරති.

1.    දුසිරිතෙහිවැටී ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කර ගරනීම
2.    එ බඳු මිතුරාගේ වස්තුව ආරක්ෂා කර දීම
3.    බියට පත් මිතුරා ඉන් මුදා ගැනීම
4.    විපතට පත් මිතුරා අත් නොහැරීම
5.    මිතුරාගේ අඹුදරුවන්ට ආදීන්ට සැළකීම
ඒ ටික 8 වසරෙ දහම් පාසල් පොතෙන් copy කර ගත්තෙ.
ඉතිං ඒ ඒ අය හිතන විධියනෙ. යාළුවො ගැන මගේ අදහස මෙකයි. යාළුවො වර්ග දෙකක් අපිට ඉන්නවා.එක ගොල්ලක් හොද යාළුවො,අනික් ගොල්ලො නරක යාළුවො කියල මට දැනෙන විධියට කියන්නම්.නරක යාළුවො අපි ලග ඉන්නෙ මොකක් හරි ලාභයක් වාසියක් බලාගෙන.ඒක නැති උන දවසට තවත් මොහොතක් වත් අපේ යාළුවො විදියට ඉන්නෙ නෑ.හැබැයි හොද යාළුවොත් හැමදාම අපි ලග ඉන්නෙ නෑ.එයාලටත් තවත් අළුත් යාළුවො හමු වෙනවා.අපිටත් අළුත් යාළුවො හමු වෙනවා.මම හිතන්නෙ නෑ යාළුවො ගැන හැමදාමත් හොයන්න ඔනි කියලා කාටවත් වගකීමක් තියෙනව කියලා.මොකද අපි මොන්ටිසෝරි යන කාලෙ ඉදලා මෙ වෙන කොට අපිට කොච්චර නම් යාළුවො ඉදලා තියෙනවද, කාලෙන් කාලෙට හොදම යාළුවා වෙනස් වෙලා තියෙනවනෙ, ඉතිං මෙ දේවල් කියල මම ඔයාලට මොකුත් අවධාරනය කරන්න යන්නෙ නෑ. ඔයාල විස්වාස කරන දේ ඔයාල විස්වාස කරන්න.මම විස්වාස කරන දේ මෙක. හැබැයි මෙකෙ තියන දේවල් නිසා ඔයාගෙයි මගෙයි යාළු කමට නම් ප්‍රශ්නයක් වෙන්න බෑ.
තවත් Blog post එකකින් ඉස්සරහටත් හමු වෙමු.