Jan 3, 2013

F_C_බුක්



දොරකඩ අඹ ගහේ කෙළවර ඇති   අත්තේ
හෙවන වැටී හුළං හමා එන පැත්තේ
නැකැත් බලා මහ එවුන්ගෙ පැන් මැද්දේ
හැදුවා කැදැල්ලක් ඩබලක් සන් තොස්සේ

දෙදෙනා හිදී නිරතුරුවම තුරුල්ලේ
කෑම කවයි වතුර බිබී කැදැල්ලේ
පියා සලයි යලි ඉගිලෙයි නිදැල්ලේ
දෙලොව වගේ සතුටට මෙ කැදැල්ලේ

කිච්චා ගියා ගෙන එන්නට කෑම සොයා
දෙන්නට කිච්චිගේ බඩ හැම තැනම පුරා
කාස්ඨකේ මහ අව්වෙ පියා සලා
දැන් වෙහෙසෙනව මූ දිව රූ දෙක නොබලා

කිච්චී හිදී ඇද මත ගත බර දීලා
ගේ අතු ගා මකුළු දැලුත් ලා බැහැරා
ටීවි එකට තව ටිකකුත් කාලෙ යොදා
මූණු පොතේ වැඩි හරියක් ගත කෙරුවා

මූණු පොතේ පාළුව නැත ඇති වන්නේ
ෆෝන් නිසා මුකුළු හඩයි පැතිරෙන්නේ
කිච්චගෙ කොයින්දෝ මෙ වගෙ ලගන්නේ
මොන එහෙකටද  මම ඔකට අසු වූයේ

මුගේ කොහෙද දැන් ඇත්තේ පෙම් පාටක්
මට ඇති ආලේ මෙකගෙ නැහැ කිසි ගතියක්
ඔහු කිව් ලෙසට කරවන්නම් මරු බඩ්ඩක්
දෙන්නම් බුදිය ගන්නට අද බිම මෙට්ටක්

මූණු පොතට ෆෝන් එකට හෙන ගහපන්
ඒකෙ ඉන්න ගෑනුන්ගේ මොලේ වරෙන්
කුරුල්ලන්ගෙ මහන්සියට මල් පිපියන්
හුස්මෙන් පවා තුන් ලෝකෙම තව නිවියන්


නිකමට ලියපු එකක්. අදහස් යෝජනා වැරදි තැන් තියේ නම් කියන්න.