Jan 1, 2011

වසලයා නම් කව්ද?


කාලෙකට පස්සෙ ඊ ලග post එක. මොකද පහුගිය මාස කීපයෙදි මගේ සාමාන්‍ය ජීවිතේ සෑහෙන වෙනස් වුනා university එකෙන් out වෙලා ඉන්න තැන් ඔක්කොම මාරු වෙලා. දැන් නම් ඉතිං අළුත් ජීවිතේ සාමාන්‍ය විදිය වෙලා ඉවරයි. අළුත් ජීවිතෙත් එක්ක අළුත් බලාපොරොත්තු වගේම අළුත් challenges ගොඩක් තියෙනවා.කොහොම උනත් පරණ දේවල් ලේසියෙන් අමතක කරන්න අමාරුයිනෙ. ඔහොම පරණ පොත් වගයක් අදින කොට මට හමු උනා University hostel එකේදි මගේ table එක උඩ තියලා තිබුන card එකක්. මෙක මට ලැබුනෙ 2010 වෙසක් පෝය දවසෙ රෑ 8.30 ට විතර 187 bus එක ආමර් වීදිය නවතවලා තියෙන කොට.seat  එකක ඉදපු මගේ උකුලට කව්දෝ ජනේලෙන් දමල ගියා.කොහොම හරි මෙකෙ තිබුනෙ පිරිහීමට පිවිසෙන දොරටු කියල බුදුහාමුදුරුවො දේශනා කල පරාභව සූතයෙන් කියපු කරුණු ටිකක්. මෙක print කරල තියෙන්නෙ Citizens Development Bank එකේ සේවක සුභ සාධක සංගමය කියලා ඒකෙ ගහල තිබුනා. ඒ කරුණු 22 තමයි මෙ ටික.
1.       දහමට අකමැති බව
2.       අසත්පුරුෂයනට  ප්‍රිය බව
3.       සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම
4.       අසත්ධර්මයට කැමති බව
5.       නිදන සුළු බව
6.       දොඩවන සුළු බව
7.       මැළි බව
8.       වීර්ය නැති බව
9.       කිපෙන සුළු බව
10.   මව්පියන් පෝෂණය නොකිරීම
11.   වංචාව
12.   රස බොජුන් තනිවම වැළදීම
13.   උඩගු නෑයින් පහත් කොට සැළකීම
14.   ස්ත්‍රී ලොල් බව
15.   සුරා ලොල් බව
16.   දූ කෙලියෙහි ලොල් බව
17.   ලද දෑ විනාශ කිරීම
18.   වෛශ්‍යා සේවනය
19.   පරදාර සේවනය
20.   මහළු වියෙහි සිට තරුණියක සරණපාවා ගැනීම
21.   අරපරෙස්සම නැති ස්ත්‍රියක ප්‍රධානත්වයෙහි තැබීම
22.   අරපරෙස්සම නැති පුරුෂයෙකු ප්‍රධානත්වයෙහි තැබීම

Hostal එකේදි අපේ room එකට ආපු කොල්ලො කිව්වෙ මෙ කියන්නෙ උඹලා ගැන කියලා. කොහොම උනත් උන් වහන්සෙ අවුරුදු 2500 කටත් කලින් කියපු දේවල් තවමත් ඇත්ත කියලයි මට හිතෙන්නෙ.ඒ වගේම තමයි දියුණු වෙන කෙනෙකුගෙ ලක්ෂණ විධියට මෙ ටිකේ opposite පැත්ත ගන්න පුළුවන්. කොහොමත් තමන්ගෙ master තමන් කර ගත්තම එයා කොහොමත් දියුණු වෙන කෙනෙක් තමයි. කෝකටත් මෙ card එක අළුත් boarding එකෙත් table එක ඉස්සරහින්ම තියා ගෙන ඉන්නෙ.