Sep 3, 2010

ගැටලුවකි මගෙ හිතේ

පන්හිඳක් නැත අතේ
කරන්නට පද පෙළක්
හද මගේ පෑර වූ
නැගෙනියනි නුඹ නමින්

විජ්ජාවෙ මහිමයෙන්
පාව එන කිරනයෙන්
දුරින් එන නුඹෙ හඩින්
නුඹ එවන පණිවුඩෙන්
හද මගේ කිති කැවී
ආදරේ තව ගලයි
තව තවත් හදවතින්

ආදරේ නම් මෙයද
නොමැති නම් රාගයද
නෙක වදන් තියෙනවද
කළනියනි නුඹ මගේ

පවසන්න නොපැකිලී
ගැටලුවට මගෙ හිතේ
සෙවෙව්වට පිළිතුරක්
නැත තවම හමු උනේ