Apr 28, 2013

කකුළුව දිය රත් වෙන තුරු කෙළියේ

ඔන්න ඊ ලග Post එකෙන් හමු වෙන්න ආවා. අද නිකමට හිතුනා මගේ Compurer එකේ එකතු කරලා තියෙන පරණ සිංදු ටිකක් අහන්න. මගේ ලග  පරණ සිංදු 2500 ක් විතර තිබුනා.මොකද ඉස්සර මම ගොඩක් සිංදු අහන්න පුරුදු වෙලා හිටියා. ඒත් දැන් internet facebook නිසා සිංදුවක්වත් අහන්නෙ නැති තරමට මම මෝඩයෙක් වෙලාද මන්දා. කොහොම හරි අද හිත ගත්තු දවසේ ගීතය තමයි සුනිල් එදිරිසිංහ අයියා කියන "බත කා ඉවරයි" කියන සිංදුව. මේක අදට කොච්චර ගැලපෙනවද කියලා නම් මම දන්නෙ නෑ. ඒත් එදා රටේ සාමාන්‍ය ජනතාව සුද්දගෙන් කොච්චර බැට කෑවද කියලා හොදට විස්තර කරලා තියෙනවා. ඒ තාඩන පීඩන වලට එරෙහිව සිංහල ලේ තියෙන මිනිස්සු කොහොමද පෙළ ගැහුනෙ කියලත් විස්තර කරලා තියෙනවා.  සිංදුවෙ වචන ටික ඔයාලත් එක්ක ඛෙදා ගන්නම්. 
අහන්න කැමති කට්ටිය මෙතන ඔබලා අහන්න.

බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ


අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

 
සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ


සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

Apr 22, 2013

ටොස්ට්මාස්ටර්.

කාලෙකට පස්සෙ අළුත් Post එකක් දමන්න හිතුනා.අද ලියන්න හිතුනෙ Public Speaking ගැන. මොකද මට මගේ අළුත් Job එකත් එක්ක නිතරම එක එක තරාතිරමෙ මිනිස්සු ගොඩක් ඉස්සරහ කතා කරන්න වෙනවා.ප්‍රශ්නෙ තමයි මම ගොඩක් කට්ටිය ඉස්සරහ කතා කරලා තියෙන වාර ගණන අතක ඇගිලි ගනනටත් වඩා අඩු ඇති.කොහොම හරි අභියෝගයට මූණ දෙන්නත් ඔනනෙ. විස්තර හොයා ගෙන යන කොට තමයි හමු උනේ International Toastmasters Club එක. එයාල දෙන Tips ටිකක් ඔයාලත් එක්ක ඛෙදා ගන්න හිතුනා කාට හරි මෙක ප්‍රයෝජනවත් වෙයි කියලා.එයාලගෙ points විධියටම කියන්නම්.

1) කතා කරන දේ ගැන හරියට දැන ගන්න.
කතා කරන්න යන මාතෘකාව ගැන කතා කරනවට වඩා වැඩි දෙයක් ඔයා දැන ගන්න ඔන.කතාව අතරෙදි විහිළු තහළු, එක එක අයට උන සිද්ධි, වගේම කතා කරන භාෂාව පාවිච්චි කරන එකත් වැදගත්.එතකොට කියන්න යන දේ ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.

2) පුහුණුව පුහුණුව පුහුණුව
කතාවට කලින් පෙරහුරු කීපයක්ම කරන්න ඔනි. මෙක ශබ්දනගා කරනව වගේම අදාල දවසට පාවිච්චි කරන්න යන උපකරන ඔක්කොමත් පාවිච්චි කරන්න මතක තියා ගන්න. කතාවෙ වැරදි මොනව හරි තියෙනවනම් ඔන විධියට වෙනස් කර ගන්න පුලුවන් පෙරහුරුවෙදි. වචන තෝරා ගැනීම, නැවතීම්, හුස්ම ගැනීම්, පෙරහුරුවෙදි හදා ගන්න ඔනි. ඒ වගේම වෙලාවට පෙරහුරුවත් වැදගත්. අනපේක්ෂිත දේවල් වලටත් පොඩි වෙලාවක් වෙන් කර ගන්න ඔනි.
 
3) අසන්නන් ගැන දැන ගන්න.
වේදිකාවට එන කොටම අසන්නන්ට ආචාර කිරීම වැදගත්.මොකද අමුත්තන් ගොඩකට කතා කරනවට වඩා යාලුවො ගොඩකට කතා කරන එක ලේසියි.

4) තියෙන තැන ගැන දැන ගන්න.
පොඩ්ඩක් කලින් යන්න.කතා කරන්න තියෙන තැන ඇවිදලා බලන්න. මයික්, ප්‍රොජෙක්ටර් තියෙනව නම් ඒවත් පාවිච්චි කරලා බලන්න.

5) ඉහිල්ව ඉන්න
අසන්නන්ව අමතලා කතාව පටන් ගන්න. එතකොට කතාවෙ වෙලාවෙන් පොඩ්ඩක් ඉවර වෙලා ස්නායු නිශ්චල කිරීමක් කරවනවා.පොඩි නැවතීමක් ගන්න, සිනහ වෙන්න, තුනට ගනින්න (one one two two three three) පොඩ්ඩක් නතර වෙන්න පටන් ගන්න. ස්නායු වල ශක්තිය උද්යෝගයක් කර ගන්න.

6) කතාව පවත්වනවා මවා ගන්න.
ඔයාගෙ කතාව ශබ්ද නගා පැහැදිලිව විශ්වාසයෙන් කරනවා වගේම අසන්නන් ශබ්ද නගා අත්පුඩි ගහනවත් මවා ගන්න. ඒක ඔයාගෙ විශ්වාසය තවත් වැඩි කරනවා.
 
7) මිනිසුන්ගෙ දියුණුවට ජයග්‍රහණයට ඔයා අවශ්‍ය බව වටහා ගන්න.
කතාව ආකර්ශනීය විධියට පටන් අරගෙන අසන්නන්ට වැදගත් තොරතුරු දෙන්න අමතක කරන්න එපා.ඔවුන්ව උද්යෝගිමත් කරන්න වගේම ඔබව එයාගෙ ආදර්ශයක් බවට පත් කරන්න.
 
8) කවදාවත් සමාව ගන්න එපා.
අසන්නන්ට කවදාවත් ඔඛේ වැරදි අහු වෙන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන චකිතයක් ප්‍රශ්නයක ඇති කර ගන්න ඔනි නෑ.
 
9)පණිවිඩය ගැන සිත යොදවන්න.
ඔඛේ කාංසාව ගැන, කතා මාධ්‍ය ගැන අමතක කරල කතාවෙන් අසන්නට දෙන්න යන පණිවිඩය ගැන හිතන්න.
 
10) අත්දැකීම් ලබා ගන්න.
ප්‍රධාන වශයෙන් ඔඛේ කතාව ඔබව නිරූපනය කරන්න ඔ්නි. ආයතනික මට්ටමකින් හරි පුද්ගලික වට්ටමෙන් හරි අත්දැකීම් කියන්නේ හොද කතිකයෙක්ට හොද පාරක්.

ඔන්න ඔය වගේ කරුනු ටිකක් තමයි ඒකෙ විස්තර කරලා තියෙන්නෙ. මීට අමතරව කතිකයන්ගෙ තියෙනවා නම් ඒ වගේ දේකට සහබාගි වෙන එකත් ගොඩක් වැදගත්.
 
අදට එච්චරයි. එහෙනම් පස්සෙ හමු වෙමු.