May 13, 2010

ජීවිතේ මෙච්චර පැණි රස උනේ කොහොමද ???????

පොඩි ප්‍රශ්නයක්, සාමාන්‍යයෙන් කොහොමද ඔයා දවස පටන් ගන්නේ? වතුර වීදුරුවක් බීලා? Radio එකේ පිරිත් ටිකක් අහලා? Toilet එකට දුවලා? :-D හ්ම්ම්...... කව්ද Bed tea එකෙන් දවස පටන් ගන්නෙ? ගොඩක් ජනප්‍රිය උත්තරයක්නෙ ඒක. Bed tea එක අර ගෙන දවස පටන් ගන්න අය විතරක් නෙමෙයි අනෙක් අයත් දන්නවද කොහොමද මෙ Tea එක රස කරල හදල දෙන්න පැණිරස නැත්නම් සීනි ඒකට ආවෙ කොහොමද කියලා...
කඩෙන් හරි Food City එකෙන් හරි ගෙනාව කියල නම් කව්රුවත් බුද්ධිමත් උත්තර දෙන්න එන්න එපා. ඔයා දන්නවද ඔයා ගන්න සීනි වලින් 10% ක් විතරයි ලංකාවෙ හදන්නෙ කියලා ඉතිරි 90% ම පිට රටින් ආනයනය කරනව කියලා. ඉතිං ලංකාවෙ සීනි නිෂ්පාදනය කරන්නෙ ඔයත් මමත් කවුරුත් දන්න උක් ගසේ පැණි වලින්. දැනට මොනරාගල දිස්ත්‍රික්කයේ පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා වල තමයි මෙ ප්‍රමාණයත් නිෂ්පාදනය වෙන්නෙ. ඔයා සීනි හදන හැටි දැන ගන්න සමහර විට කැමති ඇති නේද? මම කෙටියෙන් කියන්නම්. මමත් පැල්වත්ත Sugar එකේ මාස 6ක් විතර හිටියා.
මෙහෙමයි.උක් ගස ඔන ගනනට වැඩුනම කපලා Factory එකට ගේනවා.මුලින්ම මෙ උක් ගස cutter එක ආධාරයෙන් චූටි කෑලි වලට කඩා ගන්න ඔනි. ආ... ඊටත් කලින් උක් ගස Steam වලින් wash කරගන්නවා. මොකද ලැඛෙන juice ගොඩක් pure වෙන තරමට තමයි හොද. ඊට පස්සෙ mills වලට දාලා උක් ගසේ තියෙන Sugar පුළුවන් තරම් Extract කරලා ගන්න ඔනි.සාමාන්‍යයෙන් Hot water වලට තමයි Extract  කර ගන්නෙ. එකේදි Sugar cane juice හා bagasse  කියලා කොටස් දෙකකට වෙන් කරනවා. bagasse වලට හොද Calorific value එකක් තියෙනවා ඒක නිසා ඒක Fuel එකක් විදියට use කරනවා. Juice වල තියෙන මඩ ඉවත් කරලා සාන්ද්‍රනය වැඩි කරන්න ඔනි. Clarifier එකේදි මඩ ඉවත් කරලා Evaporators වලදි තමයි වැඩි කරන්නෙ. සාමාන්‍යයෙන් සාන්ද්‍රනය 65% විතර වෙන කල් වැඩි කර ගන්නවා. සාන්ද්‍ර sugar cane juice අපි Syrup කියලා හදුන්වනවා. මෙ Syrup එක කලින් හදා ගනිපු Sugar Seed, Molasses, Re-melt එක්ක මිශ්‍ර කරලා Crystallize කරන්න යවනවා. Sugar Crystal එකේ size එක අවශ්‍ය ප්‍රමානයට ආවම මෙ operation එක නතර කරනවා. ඊට පස්සෙ හැදුනු Crystals ටික separate කර ගන්න ඔනි. මෙහෙම කරන්නෙ Centrifugal එකක් ආධාරයෙන්. ඊට පස්සෙ separate කර ගනිපු Crystals,  Steam වලින් Wash කරල Dry කරල තමයි අපි ලගටසීනිකියලා එන්නෙ. Crystallize උනේ නැති කොටස molasses කියලා හදුන්වනවා. මෙ molasses ආයෙම Crystallize කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නැතනම් අන්තිමට ලැඛෙන molasses, මධ්‍යසාර එහෙම නැත්නම්  Ethyl alcohol නිෂ්පාදනයට යොදා ගන්නවා.

ඔන්න ඔහොමයි සීනි කැටයක් අපේ තේ කෝප්පයට එන්නෙ, ඔයාට Process එක ටිකක් හරි තේරුනා කියලා මම හිතනවා. හැබැයි ඇත්තටම මෙක මීට වඩා ගොඩක් සංකීර්ණයි. මෙ හැම operation එකක්ම steps කීපයකට තමයි කරන්නෙ. මොකද අපේ Material/ Energy recovery එක ගොඩක් හොද මට්ටමක තියෙන්න ඔනි. කොහොම හරි ඔයා Sugar Manufacturing Process එක ගැන පොඩි හරි idea එකක් ගත්තා නම් මට ගොඩක් සතුටුයි.