Jul 26, 2010

අපි කොහාට යාද හා.....

කාලෙකට පස්සෙ ලග post එක. ලියන්න ආස හිතුනත් වෙලාවක් හොයා ගන්න බැරි උනා ඒකට.කෙලින්ම කතාවට එන්නම්. පහුගිය දවසක නොරොච්චෝලෙ coal power project එකට field visit එකක් යන්න ලැබුනා අපේ Department එක හරහා. ඇත්තටම එතන බොහොම සරල දෙයක් වෙන්නෙ. ගල් අගුරු පුලුස්සලා ලැඛෙන ශක්තියෙන් හුමාලය නිපදවීමත් එයින් turbine එකක් හරහා Alternator මගින් විදුලිය උත්පාදනය කරලා grid එකට 300MW ශක්තියක් එකතු කිරීම විතරයි වෙන්නෙ. ඒත් ship එකකින් එන coal, unload කරන තැන ඉදලා boiler එකට feed කරන්න පුලුවන් මට්මමට ගන්න එක, මුහුදෙන් වතුර අර ගෙන boiler එකට make up water විදියට feed කරන්න treat කරන එක,optimum විධියට use කරපු steam ආයෙම feed කරන්න condense කරන එක වගේම waste විධියට එන දේවල් treat කරලා, less hazardous විධියට dump කරන එක, Environment friendly විධියට මෙ ඔක්කොම කරන එක, steady state වල මෙක තියා ගන්න එක, හිතන තරම් ලේසි නෑ.
     
     මෙ දේවල් අපිට විස්තර කරලා දෙන්න Mr.නිලාන් කියලා mechanical engineer consultant කෙනෙක් හිටියෙ. එයාට මෙ ගැන deep knowledge එකක් තියෙනවා.ඒ වගේම මෙතන තියෙන හැම දෙයක්ම chemical and process engineering curriculum එකට අයිති දේවල්. මෙවා ගැන හොද knowledge එකක් වගේම වැඩ කරන්න capabilities තියෙන 50 දෙනෙක් මොරටුව university එකේ chemical & process engineering department එකෙන් එලියට එනවා. ඒත් තවම ලංකා විදුලිබල මණ්ඩලයෙන් chemical engineersලා මෙ වැඩ වලට recruit කර ගන්නෙ නෑලු. මම හිතනවා ලගදිම CEB එකෙන් chemical engineersලා recruit කර ගනීවි කියලා. ඒ වගේම තමයි මීට වඩා දියුණු technologies ලංකාවට එන්න ඔනෙ. මොකද මෙවායෙ environmental impact අපිට ලගදිම බලා ගන්න පුලුවන් වෙයි. Nuclear power වගේ දෙයක් කොච්චර hazardous උනත්, පරෙස්සමින් කරන්න handle පුලුවන්. ඒ වගේ දෙයක් ආවොත් ලංකාව තවත් හණමිටි අදහස් නැති ආශ්චර්යමත් රටක් කරන්න පුලුවන් වෙවි.