පෙර පිනට වාගේ
ඈ නූයෙ මාගේ
උගේ දුක් දාහේ
දැකල සෝකෙ වෑහේ
බඩු ගැලක් කඩෙන් කොට
කරෙන් බර අදින කොට
කිරි හට්ටි තුරුලු කොට
ගාට ගෙන දුවන කොට
උපනු දා ඈගේ
දුන්න සළු බෝසේ
සායම්ද විලසේ
වත්සුනුද නොලසේ
නවම් වූ මාසේ
දාහතර දවසේ
මඩිය හිස් වූසේ
නැති හැටිය මනසේ
පන්සලට බෑ කියයි
මැක්ඩොනල්ස් හා කියයි
පයින් නම් බෑ කියයි
වදක නම් මගෙ ලියයි
දීල දඩ බූට් මට
මගේ සකි හාද කොට
මම දීපු දුහුල් ඇද
යන අරුම දකින කොට
මට පෑව ආලේ
මුසා වූ කාලේ
ඌට දෙන ආලේ
සැබෑ වේවිද රාලේ
No comments:
Post a Comment